<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d10174147\x26blogName\x3dServing+Sri+Lanka\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://servesrilanka.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://servesrilanka.blogspot.com/\x26vt\x3d3249527941181140776', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>
Serving Sri Lanka

This web log is a news and views blog. The primary aim is to provide an avenue for the expression and collection of ideas on sustainable, fair, and just, grassroot level development. Some of the topics that the blog will specifically address are: poverty reduction, rural development, educational issues, social empowerment, post-Tsunami relief and reconstruction, livelihood development, environmental conservation and bio-diversity. 

Monday, July 04, 2011

මෙන්න • ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියැමුවන්

• ලංකාව ආශ්චර්යට ( අපායට) ගෙන යන්නට මූලික වන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියැමුවන් හඳුනා ගැනීම අප කාටත් වැදගත්ය.

පළමුවෙන් ඇමති නැතහොත් නායකයා හඳුනා ගනිමු ඔහු විදුදය සරසවියෙන් කාලකන්නි උපාධියක් ලබා ඇති අත්තෙන් අත්තට පැන අවසානයේ ජනාධිපතිගේ මරණීය ලනුව ගිල සියලු තටු සිඳගත් සිය දේශපාලන දිවියේ තොණ්ඩුව ගෙල පළඳාගෙන සිටින එස් බී දිසානායකය.

දෙවැන්නා නැතහොත් අමාත්‍යාංශ ලේකම් හැත්තෑව දශකයේ වසර දෙකක් පමන සහකාර කථිකාචාර්ය තනතුරක් පමනක් දරා ඉන් පසුව විදෙස්ගතව වාහන අමතර කොටස් ගෙන්වීම යනාදී නා නා ප්‍රකාර ව්‍යාපාර කොට ආපසු රටට පැමිණ එම ව්‍යාපාර කරමින් මේ ඇමතිවරයා කලින් සිටි අමාත්‍යාංශවල ඉහල තනතුරු දරා ඒවා හා එස් බී ද කාබාසීනියා කොට අවසානයේ සුපර් මාර්කට් එකක සේවය කරමින් සිට එස් බී ගේ දේශපාලන තොණ්ඩුව තව දුරටත් තද කිරීමේ අරමුනෙන් ලේකම් පදවිය බලහත්කාරයෙන් ගත් ආචාර්ය උපාධියක් ඇතැයි කියන නමුත් කිසිදු පර්යේෂණයක් ලිපියක් හෝ මළ පොතක්වත් ලියා නැති මොලයක් නැති නමුත් මස් වැද්දෙකු වැනි විශාල ශරීර කූඩුවක් ඇති නව රත්නයකි.

ඊට අමතරව එස් බී පාර්ලිමේන්තුවට ආදා සිටම කූඩැල්ලන් මෙන් එල්ලී ඔහුගේ ලේ උරා බොමින් සිටින උසස් අධ්‍යාපනය ගැන ගඳ සුවඳවත් නොදන්නා බඩ ගැත්තන් හා ගැත්තියන් අමාත්‍යාංශයේ විවිධ තනතුරු හොබවමින් එස් බී ගේ විනාශයට සෑහෙන දායකත්වයක් දෙමින් සිටී. ඒ අතරින් එක් අයකු වනුයේ නිදා ගන්න විටත් ටයි කෝට් නැතිවම බැරි එහෙත් අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති දිවීමේ ක්‍රීඩාවට වාර්තා පිහිටුවා ඇති මහාචාර්යයන් හා එකට උස් ආසනවල වැජඛෙමින් අමාත්‍යාංශයට මහඟ= දායකත්වයක් දක්වන ක්‍රීඩකයෙකි.

ඊට වඩා වෙනස් ආකාරයකින් ඇමතිට සේවය කරන උසස් අධයාපනය ලෙවකාවත් නැති පඹයන් වැනි පුරුෂයින් දෙදෙනෙකුට අයත් කාන්තාවන් දෙදෙනෙකුද ඇත. අමාත්‍යාංශ තනතුරු දී ඇතත් ඔවුන්ගේ රාජකාරි ඛෙහෙවින් වෙනස්ය. ඔවුන්ගේ කාර්යයන් අතර කුස්සියේ කක්කුස්සියේ සිට නිඳි යහන දක්වා එකී නොකී සියලූ කාර්යයන් වේ. ඔවුන්ගේ පුරුෂයින්ට පෞරුෂය නැතත් තම බිරියන් හමු වීමට ලොක්කාගේ අවසරය ගත යුතුය. එම එක කාන්තාවක් ආචාර්ය උපාධියක් ඇතත් කලකට ඉහත රජයේ රැකියාවක සිට මුදල් වංචාවකට වැරදිකරු වී රටින් පැන ගොස් සැඟව සිටි තැනැත්තියකි. ඉහතින් දැක්වූ කාර්යයන්ට අමතරව ලොක්කාට ඉංගිරිසි ඉගැන්වීමේ කාර්යයේද නියැලී සිටී. ඒ හැරෙන්නට එස් බී සමඟ පක්ෂෙන් පක්සෙට පැන අඪු බඪු කඩා ගත් දකුණේ පරාජිත දේශපාලකයෙක්ද සරසවි සිසු සුභසාසනය භාර තනතුරක් දරමින් ඇත.

ලොව කිසිදු රටක දක්නට නැති මෙවන් උගත් මානව සම්පත් විසින් පාලනය කරන අපගේ සරසවිවල සිසුන්ට හා ඇදුරන්ට සිව් මහ දෙවිවරුන්ගේම පිහිටයි.

පී අන්දරවැව


Post a Comment

« Home
Powered for Blogger by Blogger Templates